නියෝජ්‍ය විදුහල්පතිය පණිවිඩය

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා නොනැවතී පෙරටම පිය නගන අප පාසල දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ඇති දීප්තිමත් පාසල් අතරින් එකකි.පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන්ද බොහොමයක් වන අතර අප සිසු දරුවන් විවිධ අංශ ඔස්සේ කලාප,පළාත් මට්ටමේ මෙන්ම ජාතික මට්ටමේ ද ජයග්‍රහණ හිමි කර ගෙන ඇත.වර්තමානය වන විට පාසලට ටැබ් පරිගණක ද ලැබී ඇති අතර ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලිය සදහා ඒවා යොදා ගනිමින් තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පාසල දියුණු මට්ටමකට පත්ව ඇත.අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශ්ව සමග අදහස් හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම යහපත් ගුණධර්ම ද දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති
S.W දිසානායක.